Facebook Twitter RSS
banner

Latest News

Tuesday, November 13, 2012

CCNA Discovery Virtual Module

CCNA Discovery කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්..


ඔන්න කස්ටියට මේ පාර හුගාක් වැදගත් වෙන Tutorial එකක් අරන් තමයි මේ පැත්තට Set උනේ.. ;)
මේ ගැන පොඩ්ඩක් කිව්වොත් Chapters 10ක් තියෙනවා CCNA Simulator..etc තව හුගාක් දේවල් රාශියක් මේ තුල අන්තර් ගත වී ඇත. අපේ භාශාවෙන්ම කිව්වොත් පිස්සු කොර වෙනවා.. :D වැල් බයිලා ඇති..

Requirements

* Adobe Flash Player Install කරලා තියෙන්න ඕනේ.. 
* Java Install කරලා තියෙන්න ඕනේ..
* Internet Explorer භාවිතා කරනවානම් 9 Version එකවත් Update කරලා තියෙන්න ඕනේ, Chrome             
   උනත් අවුලක් නෑ හැබයි සමහර වෙලාවට මේ Module එකේ Buttons වැඩ කරන්නේ නෑ..
* හැබැයි Browsers වලින් Recommend කරන්නේ Firefox මේ වැඩේට වඩාත් හොදයි කියලා..

ඉහත කියපුවා ගොඩ නම් Setup හතරක් ඇත. ඒවා එකෙන් එක Install කරන්න. ඊට පස්සේ Start Menu\All Programs\Cisco Networking Academy කියලා ඇති. තව කියන්න දෙයක් නෑනෙ.. ;)
       
        Setup 01 - Click 50MB
        Setup 02 - Click 30MB
        Setup 03 - Click 30MB
        Setup 04 - Click 40MB

Download Links වල මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න.. :)
මේ Module එක දුන්න කසුන් අයියාට තැන්ක්ස් පාරක් දැම්ම එහෙනම්.. :)

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
අපි නැවත හමුවෙමු.. :)



෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴




Tuesday, October 30, 2012

TCP/IP Layer

TCP/IP ගැන



TCP/IP කියන්නේ Transmission Control Protocol (TCP) and Internet Protocol (IP)වේ. මේ ගැන කියනවනම් OSI වලට කලින් භාවිතා කෙරුනු පරිගණකයක සිට තවත් පරිගණකයකයට Data යැවීම හා එම යැවු Data Userට Monitor එක මගින් Display වීම දක්වා ගමන් කරන ක්‍රියාවලිය TCP/IPවේ. මේ TCP/IP එක අරගෙන IEEE එකෙන් Application Layer එක කොටස් තුනකට (Application, Presentation & Session), Network Acess Layer 1ක කොටස් දෙකකට  (Data link & Physical) ලෙස වෙන් කර TCP/IP වෙනුවට OSI layers කියලා Standard එකක් හැදුවා. එ ගැන කලින් Post එකේ දක්වා ඇත.



මෙම ක්‍රමය තාමත් ඇමරිකාවෙ ආරක්ෂක අමාත‍යය අංශය විසින් භාවිතා කරනවාලූ. :O
පහත රූපසටහනින් පෙන්වන්නේ OSI Layer & TCP/IP අතර වෙනස පෙන්නුම් කරන රූප සටහනකි. මන් එකෙන් එකට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද OSI Layes වලදීත් කතා කලේ මේ ගැනමනේ.. ;)


OSI සහ TCP/IP අතර ඇති සමානකම් හා වෙනස්කම් ගැන කිව්වොත්....

* OSI වල Layers  7ක් ද TCP/IP වල Layers 4කි.
* මේ Layers දෙකේම කරන දේ අතින් බැලුවොත් සමානයි.
* මේ Layers දෙකේම වගේ යන්නේ Layered Architectureක් තමයි.
* OSI Layers වල Services Protocols ගැඹුරින් දැක්විය හැක. එහෙත් TCP/IP වල දි එසෙ කල නොහැක.


මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴



Thursday, October 25, 2012

CCNA Ebooks

ඔන්න මම මේ සැරේ ගෙනාවා හැමොටම වැදගත් වෙන Ebooks කිහිපයක්.. ඔක්කොම වගේ CCNA Base කරපුවා තමා.. :)



Cisco Press CCNA Portable Command Guide




Cisco Press CCNA Study Guide




Cisco Press ICND1 Exam Certification Guide




Cisco Press ICND2 Exam Certification Guide 




 NoStarch Press Cisco Routers for the Desperate




 Sybex CCNA Fast Pass




 Sybex CCNA IOS Commands Survival Guide




 Sybex CCNA Study Guide




Netguide





ඔන්න Step By Step Guide එකක්.. ThanX For Suthayanan (Winsys CCNA Sir)



මා ගාව තිබ්බ වැදගත් කියලා හිතන Ebooks ටිකක් Upload කලා.. 
තව ටිකක් තියෙනවා ඒ ටිකත් Upload වුන ගමන් Post කරන්නම්.. :)
Download Links වල මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න.. :)

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
අපි නැවත හමුවෙමු.. :)



෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴




Monday, October 15, 2012

OSI Layers

OSI ගැන


මොකක් ද මේ OSI කියන්නේ..?

             OSI- Open System Interconnection යම්කිසි පරිගණකයක සිට තවත් පරිගණකයකයට Data යැවීම හා එම යැවු Data Userට Monitor එක මගින් Display වීම දක්වා ගමන් කරන ක්‍රියාවලිය කොටස් කිහිපයකින් OSI  Layers කියා දක්වා තිබේ.. :) මෙය IEEE 1කේ Standard එකකි.

     

1. Physical Layer

                  පරිගණකයයට සම්භන්ද Cable සහ Connectors මෙම Layer 1කට අයත් වේ. Connectors තියෙන්න ඕනෙ කොහොමද Cabling කරන්න ඕන කොහොමද වගේ ඒවා Define වෙන්නේ Physical Layer එකෙන්ය.

2. Data Link Layer

                  මෙමඟින් NIC 1කේ Mac Address 1ක භාවිතා කරමින් Data යැවීම ක්‍රියාත්මක කරයි.
උදා : Ethernet, PPP

3. Network Layer

                  මේකෙන් තමයි දත්ත ගමන් කරන්න ඕන මාර්ගය තෝරා IP Address 1ක භාවිතයෙන් අවශ‍ය තැනට ආරම්භ කරයි.
උදා : IP, IPX


4. Transport Layer

                  මෙමඟින් data ගමන් කරන මාර්ගය නිසිපරිදි තිබේද යන්න සොයා බලා නිසි ආකාරව Data ගියා ද නැද්ද යන්න දැනුම් දෙයි.
උදා : TCP, UDP (End to End Delivery Confirmation)

5. Session Layer

                  Connection එක Maintain කරන එක තමයි. කොච්ච්ර වෙලා Communicate කලාද, කතා කරන්න ඕනෙ කොච්චර Speed එකකින් ද යන්න.
උදා : Connection Speed, Time Out

6. Presentation Layer

                  මෙම අවස්ථාවෙදි තමයි සියලුම Data Network එකේ ගමන් කරන්නේ Encrypt or  Encode ආකාරයටය. එම ගමන් කල data Decrypt or Decode කරනු ලබන්නේ මෙම Presentation layer එකේදීය.

7. Application Layer

                  මේ Layer එකේ තමයි ඔක්කොම Softwares Install කරලා තියෙන්නේ. Operating System එක පවා තියෙන්නේ මෙම Layer එකේ තමයි.
උදා : HTTP, DNS, SMTP

පරිඟණක දෙක අතර දත්ත හුවමාරු වෙන්නේ මේ ආකාරයටයි පහත රූප සටහන බලන්න.


පහත රූපසටහනේ සියල්ල සාරංශ ආකාරයට දක්වා ඇත.
සමහරු මාර ප්‍රශ්ණයකට මුහුණ දීලා ඇති කොහොමද මේක මතක තියා ගන්නේ කියලා. ඔන්න තියෙනවා විධි 4ක්. :) කැමති විධියකට මතක තියා ගන්න.


මේ Video 1ක බැලුවාම තේරෙයි. මේ Video 2ක් මන් දාලා තියෙනවා. එහෙනම් බලන්නකෝ.. විස්තර කරන්න බැරි වුන දේවල් පවා මෙම Videos වල ඇත. 





මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴



Tuesday, September 25, 2012

VPN - Virtual Private Network

VPN ගැන..!



VPN කියන්නේ පුද්ගලික ආරක්ශිත Tunneling System 1කි. මෙවෙනි VPN එකක් තනන්නේ තමා ගෙදර සිට හෝ වෙනත් ස්ථානයක සිට තමාගේ රැකියා ස්ථානයට හෝ වෙනත් Network එකට Connect වීමටයි. මේ ක්‍රමයට Connect විය යුත්තේ අන්තර්ජාලය ඔස්සේය. මෙහිදී Client සහ Connect වෙන Network එක අතර Data සියල්ල Encrypted විදියට තමයි සියල්ල සිදු වන්නේ. Internet එකේ කවුරු හරි Packet Sniffer කරත් Data Decrypt කරන්න නම් ටිකක් අමාරුයි. පහත් රූපය බලන්න.
මේ නම් දැනගැනීම පිණිස
හුගාක් අය මේ ක්‍රමය Use කර්න්නේ අන්තර්ජාලයේ හැන්ගිලා වැඩ කිරීමටය(හැමෝම නෙවෙයි). Internet එක හරහා VPN එකට Connect වී ඉන්පසුව කරන සියලුම වැඩ කරන්නේ මේ හරහාය. එ මොකද කිව්වොත් එ තුලින් කාටහරි දෙයක් කලොත් කෙලින්ම අහුවෙන්නේ VPN 1ක තමයි.. හුගාක් වෙලාවට මේVPN Free දෙනවා bt මේ කරන සියල්ල Record  වෙනවා. හැබයි VPN Premium logins වලින් Log වෙන Data Record වෙන්නේ නෑ. එත් VPN සපයන ආයතන Incoming & Outgoing Logines තියාගෙන සිටින්න නීතියෙන් බැදී සිටිනවා.
  උදාහරණයක් විදියට කවුරු හරි VPN 1ක් මාර්ගයෙන් Site 1k Deface කලා කියමුකො. කෙලින්ම Track වෙන්නේ VPN 1කේ IP 1ක තමයි. මේ විදියට කලොත් අහුවෙන්නේ නෑ කියලත් හිතනවා. එත් VPN 1කට Connect වෙච්ච Sessions By Session බැලුවොත් මේ දේ කරපු කෙනාව පහසුවෙන් සොයා ගත හැක.

ජනප්‍රිය VPN සේවා ලබා දෙන Sites.

මේවායිනුත් Hotspot Shield ගැන නොදන්න කෙනෙක් නැති තරම්. විදේශ ගත්වී සිටින අය Hotspot Shield ගැන දන්නේ නැති තරම්ය.. ;) ඉහත සෑම Site එකකම free සේවාවන් ලබා දෙන අතර සමහර විට Free Login 1ක් Create කරගන්න ද වෙයි. බොහෝ විට ඔවුන්ගේ Software 1ක් Use කරන්න ද වෙයි. සමහර අය මේවා ආධාරයෙන් තමයි විවිද TV shows.. Bla bla..! බලන්නේ :P. eg : Hulu...etc

මේ Video 1ක බැලුවාම හොදටම තේරෙයි..




මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴




FB Comment