Facebook Twitter RSS
banner

Thursday, August 14, 2014

Internet එන එකේ හැමොටම වැඩක් ඇති දෙයක් කරමු ද..?

මොකො කියන්නේ, දන්න දෙයින් හැමොටම වැඩක් ඇති දෙයක් කරමු ද..?

එහෙනම් මෙන්න මේකයි සීන් එක.
Google Translate කියන්නේ මොකක් ද කිව්වොත් දැනට ලොකයේ භාවිතාවන හොදම ලිඛිත පරිවත්තනය මෙය වේ. තවද වචනය ශබ්ද කිරීමෙ හැකියාව ද ඇත.
උදා : මේ දවස්වල ඉති වැඩිය කතාවෙන්නේ China ගැනනේ. හරි අපිට China Message, Website මොකක් හරි අපිට හම්බුනා කියමුකො. ඉතින් අපිට මොන China ද අපිට පුලුවන් Google Translator එක දාලා English වෙනයම් තිබෙන ඕන භාශාවකට පරිවර්තනය කිරීමෙ හැකියාව. සිංහලත් වැඩෙ ගොඩ දැම්මොත් කිසි සමාවක් නෑ China To Sinhala තමයි. ;)

ලංකාවෙ කොල්ලො ටික දඟලලා දඟලලා Google Translate එකතු කරලා. ඒත් ඉති එකතු කලාට විතරක් මදි නේ. සුද්දො සිංහල ඉගෙනගෙන නෑනේ. අපි ඉතින් සුද්දාගෙ වචනයෙන් වචනය හො වාක‍යයෙන් වාකයය අපෙ භාශාවෙන් දෙන්න ඕන. එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.

හරි එහෙනම් කරන්න තියෙන්නෙ මොකක් හරි තමන්ගේ Gmail Account එකකට ලොග් වෙන්න. ඊට පස්සේ මේ ලින්ක් එකට යන්න.


http://translate.google.com/community ලින්ක් එකට යන්න.
ඔන්න ඊට පස්සේ ඔය විදියට එකක් එයි. Got It කරන්න.


දැන් My Languages කියන Button එක click කරන්න.


එහෙනම් භාෂාව විදිහට Sinhalese කියන එක තෝරලා දෙන්න ඕනේ.


මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. කල යුතු ආකාරය පහසුවෙන් හදුනා ගත හැකි ආකාරයට දක්වා ඇත.


සිං සිංහල එක හරි නැත්තම් කෙලින්ම සිං එක click කරත් හරි.


හරි ඔන්න අපිට පලවෙනියටම හම්බවුන සුද්දාගෙ භාශාව අපෙ බසට හරවනවා. සිංහල type කරන්න තියෙන්නෙ Snglish ආකාරයට.
උදා : අම්මා කියලා type කරන්න ඕන නම් මේ විදියට  => ammaa
අපට පහසු වෙන්න ඊට සමාන වචන අපිට පෙන්වනවා පහත රූප සටහනින් එය පෙන්නුම් කෙරෙ. අපිට ඔන කරන එක click කිරීමෙන් එම වචණය ස්ථිර කරගත හැක. (සිංහල ලේසියෙන් Type කරන්වා නම් ඉතින් Google Input tools තමයි.. ;))


ඔන්න අපි Type කලා එහෙනම් ඉතින් Submit කරන්න.


ඊලඟට ආපු එක අපි තේරුම දන්නේ නැත්තම් ඉතින් අනේ Plz බොරු, වැරදියට Translate කරලා නම් දාන්න එපා. පුලුවන් නම් Dictionary එකකින් බලලා හරි බැරිමනම් Skip කරලා ඊලඟ වාක්යයට යන්න. මේ කරන වැඩේ අනාගතයේ හැමොටම හුගාක් ප්‍රයොජනවත් දෙයක්..


තවත් වැඩ රාශියක් තියෙනවා Rate, Validate වගේ. ගිහිල්ලම බලන්න මොනා ද කරන්න පුලුවන් කියලා.


පටන් ගත්තාම මේ වැඩේ අමාරු නෑ, ගේම් එකක් ගහනවා වගේ හිතෙනවා. ඒ නිසා ආසාවෙන් කරගෙන යන්න පුලුවන්. Translation Team එකේ සංවිධානය කරපු අයට සහය දක්වන අයට බොහොමත්ම ස්තුති වන අතර ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට හැකියාව ලැබේවා..! කියා මම ප්‍රාර්ථනා කරනවා.


මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;) 
ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)
අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

0 comments:

FB Comment