Facebook Twitter RSS
banner

Thursday, April 10, 2014

සයිබර් සිහින බක්මහ උළෙල 2014

                          
             මේ මාසෙ 20වෙනිද බ්ලොග් ලියන කියවන හැමෝටම විශේෂ දවසක් කියල දැනටමත් ඔයාල ගොඩදෙනෙක් දන්නවා ඇති, ඒ පිළිබද නොදන්න අයටයි මේ දැනුවත් කිරීම.පසුගිය වසරවල වගේම මේ වසරෙත් සයිබර් සිහින බක්මහ උළෙල  පසුගිය බක්මහ උළෙලවල් වලටත් වඩා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වන විටත් සියළු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා.
      බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ තමයි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙන්නෙ, උදෑසන 9යේ සිට හවස් වන තුරාවටම විවිධ අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.


මේ තියෙන්නෙ බුද්ධදාසෙට එන පාර

       20වෙනිදට පැමිණෙන සියළු දෙනාම එදාට එන්න කලින් කරන්න ඕන වැඩක් තියනවා ඒක තමයි පහල තියන ලින්ක් එකට ගිහිල්ලා තමන්ගෙ විස්තර ඇතුලත් කරල අදාල ෆෝරමය පුරවලා තමංගේ සහභාගීත්වය තහවුරු කරන එක.


     එදාට බක්මහ උළෙලට එන ඔයාල හැමෝටම දිවා ආහාරය සහ වතුර බෝතලය බැගින් ලැබෙනවා, ඒකට ඔයාලට කරන්න තියෙන්නෙ බක්මහ උළෙලට ඇතුළු වීමේදී ඇතුළුවීමේ ගාස්තුව වශයෙන් පුංචිම පුංචි රුපියල් 200ක මුදලක් ගෙවන එක විතරයි.ඔයාල ඇතුළුවීමේදි ගෙවන රුපියල් 200 වගේ කිහිපගුණයක වටිනාකමක් ඔයාලට ලැබෙනවා කියල ඔයාලට මතක් කරන්න කැමතියි,.ඒ වටිනාකම 100%ක් ලබාගැනීමටනම් ඉහල තියන ෆෝරමය පිරවීම හා එදින උදෑසනම බුද්ධදාස ක්‍රීඩාංගණයට පැමිණීම වැදගත්.ඔන්න අපි නොකිව්වයි කියලනම් එදාට කියන්න එපා.

      මෙහිදි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා, ඒ තමා මෙවර බක්මහ උළෙලට සාදර අනුග්‍රහය දක්වන ඕෂනික් ගේම්ස් ආයතනය, ඔවුන්ගේ අනුග්‍රහය නිසා තමයි මෙවර බක්මහ උළෙල සාර්ථකව පැවැත්වීමට අපට හැකියාවක් ලැබෙන්නේ.ඕෂනික් ගේම්ස් කියන්නෙ මොකක්ද හා ඔවුන් ගැන සියළු තොරතුරු එදිනට ඔයාලට දැනගන්න පුලුවන්.

       ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියනවා, ඒ තමයි බ්ලොග් අවකාශයේ මිතුරන්ව බක්මහ උළෙල ගැන දැනුවත් කිරීම සදහා අප විසින් සකස් කල විජට්ටුව හා අපගේ අනුග්‍රාහක ඕෂනික් ගේම්ස් ආයතනය පිළිබද විජට්ටුව ඔයාලගෙ බ්ලොග් වලටත් ඇතුලත් කරල අනික් අයවත් මේ පිළිබද දැනුවත් කරන්න අපට සහාය වෙන්න කියන ඉල්ලීම.

<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object>


  
<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

     ඉහල තියනව වගේ විජට් 2ක් ඔයාලගෙ බ්ලොග් වලත් ඇතුලත් කරල අපිට සහය වෙන්න කියල අපි කාරුණිකව ඉල්ලන්න කැමතියි.ඒව ඔයාලගෙ බ්ලොග් වලට ඇතුලත් කරන්න අදාල විජට්ටුවට යටින් තියන කෝඩ් එක කොපි කරල ඔයාලගෙ බ්ලොග් එකේ ඩෑෂ්බෝඩ් එකේ තියන ලේඅවුට් කියන තැනට ගිහින් පහල පින්තූර වලින් පෙන්නල තියන විදිහට මේ විජට් ඔයාලගෙ බ්ලොග් එකට එකතු කරගන්න පුලුවන්.

Layout වෙත පැමිණ Add a Gadget සිලෙක්ට් කරන්න

ඉන්පසු විවෘත වෙන වින්ඩෝවේ ඇති HTML/JavaScript සිලෙක්ට් කරන්න

Title හි සයිබර් සිහින බක්මක උළෙල ලෙස සදහන් කර Content හි විජට්ටුව සදහා අදාල කෝඩ් එක පේස්ට් කර සේව් කරන්න.

      ඉහත පියවර අනුගමනය කරල මෙම විජට්ටු දෙකම ඔයාලගෙ බ්ලොග් වලට දාගෙන ඔයාලගෙ සහය අපට ලබාදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

එහෙනම් අප්‍රියල් 20වෙනිදාට බක්මහ උළෙලේදී හමුවෙමු.....


--------------------------------------------------------------------------------

     මේ පාර එද්දි හැමෝම තමාගේ ප්‍රමාණයට සරිලන ලෑලි කෑල්ලක් ගෙන්න අමතක කරන්න එපා, ගියපාර සෑම කිව්ව මතක ඇතිනෙ.මතක නෑ වගේනම් මෙන්න ලින්ක් එක ගිහින් බලාගන්න. :D

(උපුටා ගැනීම සසිදුගේ blog අඩවියෙන්)

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

0 comments:

FB Comment