Facebook Twitter RSS
banner

Tuesday, September 17, 2013

Dongle Firmware Updates - Network සිංහලෙන්

ඔන්න එහෙනම් අදත් මේ පැත්තට වාර්තා කලා. කලින් දැමු Post එකට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහල බැවින් ඉක්මණටම දෙනවා කියපුවා ලබා දෙන්න තීරණය කලා, Bt චුට්ටක් විතර පරක්කු වුනා. ;)  

"DONGLE UNLOCK කිරීම මුල සිට සරළව" පොස්ට් එකට බැලුවෙ නැත්තම් දැන්ම enter වෙන්න. 

හුඟක් අය Mails, Comments & FB හරහා විවිද ගැටළු අසා තිබෙනවා. ඒ සමහර ඒවා වලට අදාල Firmware Updates මම පුලුවන් විදියට Upload කලා.

ඕන්න..!

Huawei E153


Download Firmware

Huawei E158



Huawei E170



Huawei E173


Download Firmware

Huawei E180


Download Firmware

Huawei E156


Download Firmware

Huawei E173



Huawei E303 


Download Firmware

ZTE MF100



Download Firmware

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;) 
ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)
අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴



SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

15 comments:

Sunday, September 1, 2013

Dongle Unlock කිරීම මුල සිට සරළව.



ඔන්න යාළුවනේ අදත් Network සිංහලෙන් පැත්තට වාර්තා කලා. මුලින්ම කියන්න ඕන ඒකෙන් මේකෙන් blog අවකාශයට enter වෙලා අවුරුද්දකුත් ගත වුනා. එදා මෙදා අපත් සමග රැදී සිටි සියලු දෙනාටම බොහොමත්ම ස්තුති වන අතර අපත් සමඟ දිගටම රැදී සිටි කියා යැයි අප බලාපොරොත්තු වෙමු.  මේ ටිකේ අද කියලා දෙන්න යන්නේ Dongle Unlocking මුල සිට සරළව කියලා දෙනවා එහෙනම් හොදට අහගෙන ඉන්න ඕනා. ප්‍රශ්ණ ආවොත් අනිවා අහන්න. :)


මම මේ ගැන කියලා දෙන්නේ කාගේවත්  රැකියාවකට පහර ගැසීමට නම් නොවෙ. මේ කාලේ හැමොටම තියෙන ප්‍රශ්ණයක් තමයි මේ. මගේ දැනුම මට පුලවන් විදියට හැමොත් එක්කම බෙදා ගන්නයි මම නිතරම උත්සහ කරන්නේ.මම සමාව ඉල්ලනවා මම වැරද්දක් කරනවා නම්. 

ඕන්න එහෙනම් වැඩේට බැස්සා.

Dongle Unlock කියන දේ එතරම් අමාරු නෑ. But Warranty තියෙන Dongle එකක් Unlock කලොත් Warrantyය නම් නැත්තටම නැති වෙනවා.  සමහර වෙලාවට කට්ටක් කන්නත් වෙනවා. ;)

වැදගත් : පරිගණකයේ Ups එකක් නොමැතිව නම් Dongle Unlock කිරීම නොකරන්න. 
හේතුව : එම අවස්ථාවේ දී විදුලිය විසන්දි වුවහත් Dongle එක භාවිතා කල නොහැකි තත්වයට පත්වේ.

Dongle Unlock  කිරීම ගැන මන් දන්න තරමින් ක්‍රම 2ක් තියෙනවා.
                   1. සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලනවා.
                   2. සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලන්නේ නම් නෑ.

සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලනවා.
                             මේ ආකාරයේ Dongle එකක් තියෙනවා නම් වැඩෙ ටිකක් විතර ලේසියි. හැබැයි ලබා දෙන Unlock Code එක 100%  නිවැරදි වෙන්න ඕනෙ. අවස්ථා කිහිපයක් Dongle එක lock කරපු ආයතනය විසින් ලබා දෙනවා. අවස්ථා කිහිපය මඟ හැරුන හොත් Dongle එක ගොඩ දැමීම Sure කල නොහැක. මෙම Dongle වල Unlock Code එක සොයා ගත හැක්කේ Dongleයේ ඇති Imei අංකය Generate කිරීම මගින්ය. මේය Software එකක් මගින් කර ගත හැක. (සමහර අවස්ථා වලදී Unlock Code එක එම ආයතනට කතා කිරීමෙන් නොමිලේම ලබා ගත හැක.) Links පහලින් දමා ඇත.

                       Click Huawei
                       Click ZTE
මම මේ දුන්න ලින්කු Website Imei code calculators. web එකෙන් කරන එක හොඳා මොකද දන්නව ද. හුගාක් tools වල Hacking Tools Bind කරලා ඒ නිසා කාවවත් අමාරුවෙ දානවට වැඩිය හොදයි. මේ ඉහත URL වලින් try කරලා බලන්න. හැබැයි ඉතින් වෙන Brand එකක් නම් ඉතින් පොඩ්ඩක් හිත්තන්න වෙනවා. වෙන Brand වල code calculators online තියෙනවානම් කියන්න. මන් Post එකට දාන්නම්. :) නැත්තම් Tool එකකින් තමයි ගොඩ දාගන්න වෙන්නේ. :(

සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලන්නේ නම් නෑ.
                              මේ ආකාරයේ Dongle එකක් තියෙනවා නම් ඉතින් කරන්න තියෙන්නේ Internet එකේ Dongle Model ගහලා Firmware එක හොයා ගෙන  Download කරගෙන වැඩේ ගොඩ දාගන්න එක තමයි. සමහරු හිතනවා ඇති Firmwareක දාන්නේ ඇයි කියලා. මෙන්න මේකයි සීන් එක Dongle එකේ (Inbuilt එන Software එක ) පරණ Version එකක් තමයි හුගාක් වෙලාවට තියෙන්නේ. ඔන්න ඔය පරණ Version එක තිබියෙදීම තමයි එම ජාල ආයතනය විසින් Dongle එක lock කරනු ලබන්නේ. අපි Unlock කරන්න ඔනෙ නම් ඉතින් කරන්න තියෙන්නේ Dongle එකෙන් පරණ Version එකට උඩින් අළුත් Version එක ගෙනල්ලා අතහැරීම පමණයි.

සමහර අවස්ථා වලදී පොඩි Software කෑල්ලකින් නිකන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන්. හැබයි ඉතින් හැම Dongle එකකටම හරියන්නේ නෑ.. උදා : DC Unlocker, Code Writters (හුගක් අය නම් මේ ගැන දන්නවා.)

ඔන්න එහෙනම් Dongle එකක් Unlock කරන විදිය. ඔන්න ඔය Dongle එක තමයි අද Unlock කරන විදිය කියලා දෙන්නේ.

පුලුවන් නම් මේ ටික Notepad එකක Save කරගෙන තියා ගන්න. එතකොට වැරදීමේ සම්භාවිතාව අඩුයි.

               Model : Huawei E 180
               Imei # :  356185034825983




ඔය රූපයේ පෙනෙන්න තියෙන්නේ Mobitel Sim එකක් Dongle එකට දමා ඇති විට.


Huawei Code Calculator Site එකට යන්න.


Dongle එකේ Imei එක ලබා දෙන්න. Submit කරන්න.


ඔන්න අපිට ඕන කරන දේවල් ටික ආවා.


ඔන්න ඔය විදියට Notepad එකකට දාලා තියාගන්න. අපට එවිට වඩා පහසු වෙයි.


අපිට Dongle එක Unlock කරන්න සියල්ල සූදානම්. ඒත් තාම මෙම Dongle එකේ අලුත් Version එක තාම හම්බුනේ නෑ.. :(
දැන් තමයි ටිකක් Internet එකේ දුවන්න තියෙන්නේ. Dongle එකේ firmware Search කරලා හොයාගන්න වෙනවා. හැබැයි 100% හරිම එක වෙන්න ඕනේ. නැත්තම් Dongle එක Sorry.com වෙයි. වැරදි firmware එකක් දැම්මොත් සමහරවිට Rollback කරන්නත් බැරිවෙයි.


ඔන්න මට  Firmware එක හම්බුනා. එහෙනම් ඉහත රූපයේ ඇති ආකාරයට Run කරන්න.


I Accept the agreement දෙන්න. දීලා Next කරන්න.


Next කරන්න.


ඔන්න මම මුලදි කියපු ටික අයිත් තියෙනවා. කියවලා බලලා Start කරන්න.




ඔන්න දැන් වැඩේ ගොඩ. :) නැවත් Auto Dongle එක Restart වෙනවා.



Mobile Partner Open කරපුවම. Password එකක් ඉල්ලන්වා. ඕක දැකපු ගමන්ම බලන්න එයා ඉල්ලන්නේ Unlock Code එකද නැත්තම් Flash Code එකද කියලා. අපිට අවස්ථා කියක් ලබා දෙනවාද කියලත් බලන්න.


ඔය නම් ඉල්ලන්නේ Unlock Code එක තමයි. එතනට Unlock Code එක දුන්නම හරි. අවස්ථා 10ක් තියෙනවා අවශය නම්, සාමාන‍යයෙන් Flash Code එක තමයි ඉල්ලන්නේ ඒක model එකෙන් model වෙනස් වෙන්නේ. 


Tools -> Options යන්න.


-> Profile Management යන්න. අපි Unlock කරන්න කලින් New කියන Button එක Hide වෙලා තිබ්බෙ දැන් Hide එක අයින් වෙලා. :) New යන්න.


මම Dongle එකට දැම්මේ Mobitel Sim එකක්. ඒ නිසා Mobitel Settings ටික දාන්න ඉහත රූපයේ තියෙන විදියට. :) Save -> Ok කරන්න.


හරි ඔන්න Signal Strength එකත් ආවා.. දැන් රාහු කාලය පන්නලා Connect කරන්න. :D


ඔන්න දැන් Connect උනා. වැඩේ ගොඩ කියන්නේ, ගොඩම තමයි.


ඔන්න Google දේවාලය පැත්තටත් ගියා. :)
මම ඉදිරියෙදි Model එකට අනුව Firmware එක හොයලා upload කරලා දෙන්නම්.
මේ දවස් වල ටිකක් කාර්යයබහුල නිසා තව ටික දවසක් දෙන්න. Upload කරපු ගමන්ම මම Post කරන්නම්.

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;) 
ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)
අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴



SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

49 comments:

FB Comment