Facebook Twitter RSS
banner

Thursday, February 7, 2013

Network Switch Configuration කාපු කට්ට.. :O

මම හිතුවා මට එදිනෙදා මතුවෙන ගැටලු සහ ඒවා නිරාකරණය කරපුවා ගැන ඔයාලට කියන්න. Computer Network Field  ඔබලාට හුගාක් ප්‍රයොජනවත් වෙයි.

මෙන්න මේකයි කතන්දරේ අපේ Office එකට Switches වගයක් අඩුවට Ebay පාරක් දාලා ගෙනාවා කියමුකො. ගෙනාපු එව්වා වලින් එකක් Layer 3 Switch එකක්. අපි Pc එකකට Ip එහෙම දාලා Switch එකට log වෙන්න බැලුවාම ගණන් ගන්නේවත් නැති විදියට ඔහෙ ඉන්නවා. ඊට පස්සේ තමයි මතක් උනේ Console    Port අපිට ඒකෙනුත් CLI mode එකෙන් පුලුවන් ගොඩ දාගන්න. බැලින් නම් Switch එකේ Console Port එකකුත් නෑ. දැන් තවත් මල.. :(
මෙන්න මේකයි Switch එක.. :)

Linksys SFE2000p

ඊලඟ වැඩේ තමයි වෙලා යනම වැඩේ. අපිට මේ Switch කොහොමහරි Log වෙන්න එපැයි.! Reset කලා ඒත් හරියන පාටක් නෑ. මොනා කරන්න ද ඉතින් IP scanner එකක් දාලා Switch එකට log වෙන IP එක හොයන්න try එකක් දුන්නා. ඒකට නම් මම පාවිච්චි කලේ Angry Ip Scanner. මේකෙන් පුලුවන් IP range එකක් දෙන්න. Download හුගාක් කස්ටිය මේක ගැන දන්නවනේ විශෙෂයෙන් SLT use කරන කස්ටිය.. :P


ඔන්න ඕකත් දාලා බැලුවා. කාලෙ නම් යනවා ඒත් හරි යනපාටක් නෑ. කමක් නෑ කියලා ඉවර වෙනකන්ම තිබ්බා. ඒත් හරි ගියේ නෑ. ඊට පස්සේ තමයි හිතුනේ සමහර විට Ip Assign වෙලා නැතුව ඇති. සමහර Switches වල නම් Reset කලාම Default IP එකක් දෙනවානේ. ඒකෙන්නේ අපි Web Console එකට log වෙලා ගොඩ දාගන්නේ.

මේ Switch එකේ Console Port එකක් නැති නිසා. Configure කරන්න තව විදියක් තියෙනවා. Swich එකේ පිටිපස්සේ Serial Port එකක් තියෙනවා. ඊට පස්සේ Serial to Serial Cable එකක් අපිට හදන්නත් උනා.

මෙන්න මේක තමයි සාමාන‍යයෙන් Console Cable එක කියන්නේ..


Console Port එකක් තිබ්බා නම් ඔය විදියට ගොඩ දා ගන්න තිබ්බා. :(


හැබයි අපිට මේ වෙලාවෙ හැටියට ඕන වෙන්නේ මෙන්න මේ වගේ එකක් තමයි

ඕන්න අපි අමාරුවෙන් හදපු එක.. :D


ඔන්න එහෙනම් Cable එකත් එවරයි නේ. එහෙනම් අපි ගේමට එන්ටර් වෙමු.

Pc, Switch යන දෙකටම ඔය Cable සම්භන්ද කරන්න.
ඊට පස්සේ අපිට Putty හරි Hyper Terminal ඕන වෙනවා. Putty Download (Hyper Terminal එක Win XP වල Default එනවා. Win 7 වල නෑනෙ. කියලා දෙන්න වඩා ලේසි Putty නේ.. ;) )


Putty Open කරලා Serial කියන Select කරා.


වම් පස Serial කියන Tab එක Click කරන්න. සාමාන‍යයෙන් Speed එක Default තියෙනවා. අපි Default තියලා හරි ගියේ නෑ. Net එකේ වටේ දුවලා දුවලා තමයි. මේ Switch එකට වෙනම Bit rate එකක් දාන්න කියලා තිබ්බේ. (හැබැයි මේ Bit rate එකට හැම එකම Support කරන්නේ නෑ, අපි Routers වලට Log වෙන්නේ Default දාලා තමයි. හැබයි සමහර එව්වට එක එක Bit Rate වලින් තමයි log වෙන්න තියෙන්නේ)


ඔය විදියට හදා ගත්තාට පස්සේ


ඔන්න ඔහොම Open වෙයි.





එක එක අකුරු සියල්ල Load උනාම Login එකට තමයි එන්නේ.


රූපයේ ආකාරයට කරගෙන යන්න. (හෙබයි හැම Switch එකේම මෙහෙම නෑ හොදේ. මන් හිතන්නේ ටිකක් පරණ බණ්ඩියක් මේක. :D)



ඔතනට IP Subnet දාලා Save කරන්න. :)
දැන් Network Cable එකක් අරන් Switch එකට Plug කරන්න. (Switch එකේ IP, Subnet එකම Range එකක දාගෙන තියා ගන්න.) ඕකනම් ඉතින් කියන්නත් දෙයක් ද. :P


ඊට පසේ Browser එකට ගිහින් කලින් දුන්න Switch එකේ IP එක දෙන්න.. :)


හික් හික් හික් ඔය ගියෙ යස අගේට.. :)


දැන් ඉතින් තමන්ට ඕන විදියට හදා ගන්න තියෙන්නේ. :)
ඔන්න ඕකයි කතන්දරෙ.. :)

කස්ටියට දැනගන්න මම භාවිතා කරන හුගාක් වැඩ ගන්න Win 7 වල එන සුපිරි Tools දෙකක් මෙන්න.


Snipping tool 

මේ Tool එක ලබා ගැනීමට ඕනෙ නම් 
Win key + R -> Type snippingtool 
 වැඩකරමින් තිබෙන ඕනම Screen එකක් Capture කල හැක.. තව වැඩ කල හැක Try කරලා බලන්න.

Problem step recorder

මේ Tool එක ලබා ගැනීමට ඕනෙ නම් 
Win key + R -> Type PSR
අපි මොකක් හරි වැඩක් කරගෙන යද්දි Steps ටික Step by Step Image විදියට Record කරගන්න විදියක්. මේහි Start record දී අපි කරන සියල්ල Record වෙනවා. Stop කරලා Name එකක් දීලා Save කරන්න. Zip File එකක් විදියට save වෙයි. ඒකෙ ඇතුලෙ *.mht File එකක් ඇති ඒක Open කලාම Internet Explorer වලින් Open වෙයි. (Record වෙන Images ප්‍රමණය නිතරම තිබෙන්නේ 25කි මෙය වෙනස් කල හැකිය)

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි නැවත හමුවෙමු.. :)


෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

17 comments:

  1. Machan awesome tutorial :)
    Keep it up (y)

    ReplyDelete
    Replies
    1. එල එල තැන්කු තැන්කු.. :)

      Delete
  2. Ela ela..:) Great job...Keep it up...:)Cheers

    ReplyDelete
  3. elz machz...patta kattak kla thiyanawa wage :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන්..!
      ඔව් බන්, පිස්සු හැදෙන කට්ටක් කෑවේ.. :D

      Delete
  4. maxaaa nice one good luck

    ReplyDelete
  5. නියම ලිපියක් මචං.

    ReplyDelete
  6. menna machao item 1.. patta ahhh.. digatama liyamu.. obata jaya

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. අපිත් එක්ක දිගටම ඉමු.. :)

      Delete
  7. Wireless AP ekaka IP mathaka nathi unoth mokada karanne, IP scan kala hariyanneth nea, Reset kara hariyaneth nea

    ReplyDelete
    Replies
    1. Reset එක හරියට වෙලා නැතුව ඇති. ආයි Try කරලා බලන්න. නැත්තම් Model එක google කරලා Default Ip එක හොයා ගන්න. Tracert පාරක් යවලා බලන්න සමහර විට Ip පෙන්නන්න පුලුවන්..:)

      Delete
  8. ubanam machan real wada karayek. uben mata igenaganna godak dewal thynawa. me wage troubleshoot side patta networking wala

    ReplyDelete

FB Comment