Facebook Twitter RSS
banner

Friday, August 17, 2012

Basic Component of the Network Part 02

Hub ගැන කියලා මෙවා ගැනත් නොකියා හිටියාම හරි නැහැනේ... ;)
ඔන්න එහෙනම්

*Bridge Network


*Bridge යනු
             Network Bridge එක කියන්නේ දැනට අපි භාවිතා කරන  Router  එක වෙනුවට අපි ඉස්සර භාවිතා කරපු උපකරණයක්.  Bridge එකෙන් වෙන්නේ වෙනස් Network (Lan) එකට සම්බන්ධ කිරීමේ උපකරණයක් උපකරණයකි.




*Repeater




Repeater එකක් යනු
                        රිපීටරය භාවිතයෙන් සිග්නල් නැවත ප්‍රතිජනනය කර අදාල ස්ථානය වෙන යැවිය හැක.මෙහිදී උපරිම රිපීටර ගනන 5 කට සීමා කිරීමක් සිදුකරනු ලබයි..එයින් බලාපොරොත්තුවනුයේ සිග්නල් වල ගුනාත්මක බව තබාගැනීමයි. මෙය ගැන කෙටියෙන්ම කිව්වොත්  Network 1කේ Length වැඩි කිරිමට භාවිතා කරයි..

*Switch


Switch යනු
            HUB එකකට වඩා බුද්ධිමත් උපාංගයකි(intelligent). ක්‍රියාත්මක වීම සඳහා පිටතින් බලය ලබාදිය යුතු වේ. ස්විචයකට බලය ලබා දුන් පසු එයට සම්බන්ධව ඇති පරිගණක වල MAC Address - Media Access Protocol Address, ලබාගනී .මැක් ඇඩ්රස් එකක් යනු පරිගණක උපාංගයක් තුලට නිෂ්පාදනය කිරීමේදී, නිෂ්පාදකයා විසින් ඇතුලත් කරනු ලබන සංඛේත අංකයකි. මෙහිදි MAC Address table 1ක් හදාගෙන එ අනුව Data Transfer කරනවා. මෙසේ ස්විචය එම අදාළ සංඛේත අංකය මතකයේ තබාගන්නේ එක පරිගණයකකින් නිකුත් කරනලද තොරතුරු යැවීමට අදාළ වන අනෙක් පරිගණකයට පමණක් ආරක්ෂාකාරීව තොරතුරු යැවීමටයි.හබ් එකක මෙන් මෙහිදී අදාල තොරතුරු මුළු පරිගණක ජාලය පුරා මුදාහරිනු නොලබයි.

උදා : Hub 1ක සෑම පරිගණකයටම කතා කරලා තමයි Data Transfer කරන්නෙ..
එත් Switch 1කෙන් MAC Address table 1කෙ විදියට නිවැරදි පරිගණකයට පමණක් Data Transfer කරයි.. Switch 1කෙ MAC Address table 1ක Clear කිරිමට Off කරලා on කරන්න...


මේ රූපයත් නිකමට වගේ බලලා පොඩි Idea 1ක් ඔලුවට දාගන්න.. :)















*Patch Panel
[Image: PATCH%20PANEL%20C6.jpg]


මෙය නම් අමතර දෙයක් දැනගැනිමට මෙකත් Add කලා.. :)
patch panel යනු
                    මෙය භාවිතා කරනුයෙ Switch 1කෙ ආරක්ශාවට.. Switch 1කෙන් line (Patch Code) 1ක බැගින් අරගෙන patch panel යට සවි කරයි.. ඉන් පසුව patch panel පසුපසට එක එක පරිගණකයෙ සිට එන Cable 1ක Punch කරනවා.. මෙම patch panel නොමැතිව ද (direct) Switch 1කට සවි කල හැක.. එසෙ සිදු නොකරන්නෙ Switch 1කට නිතර නිතර Port වලට Plug කලහොත් Switch 1ක සවුත්තු වෙන්න පුලුවන්.. Switch වල මිල අදිකයි.. එම නිසා patch panel භාවිතා කරයි..


*Router  












Router යනු
            එකිනෙකට වෙනස් වූ දත්ත සම්ප්‍රේෂණ ජාලයන් හරහා පරිගණක ජාල අතර දත්ත හුවමාරුව සඳහා රවුටර් යොදාගනී .උදාහරණයක් ලෙස ගතහොත් දුරකථන රැහන ඔස්සේ දුරස්ථ ස්ථාන දෙකක පිහිටුවා ඇති ජාල දෙකක් එකිනෙක සම්බන්ද කිරීම දැක්විය හැකිය .එකිනෙක කාර්යයන් සඳහා යොදාගන්නා රවුටර් වර්ග ,මාදිලි විශාල ගණනක් වෙළඳ පලේ දක්නට ඇත. රවුටරයක ක්‍රියාකාරීත්වය සහ පරිගණක ජාල අතර හා පරිගණක පරිගණක අතර සන්නිවේදන ක්‍රියාවලිය තරමක් සංකීරණ එකකි. එමනිසා මෙහිදී උපකරණවල මුලික ක්‍රියාකාරීත්වය පමණක් හඳුන්වාදී ඇත.

තව දුරටත් තේරෙයි මෙ Video 1ක බැලුවාම...






ඊලඟ කොටසින් නැවත හමු වෙමු... 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)


෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

8 comments:

  1. Thanks for the effort

    ReplyDelete
  2. api wage notes liyanna kammeli kollonta ehema meawa godak watinawa.
    ThanX sahoo!

    ReplyDelete
  3. තෑන්ක් යූ සෝ මච්...අවශ්‍යම වෙලාවේ විස්තර ටික ලැබුනා

    ReplyDelete

FB Comment