Facebook Twitter RSS
banner

Tuesday, November 13, 2012

CCNA Discovery Virtual Module

CCNA Discovery කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්..


ඔන්න කස්ටියට මේ පාර හුගාක් වැදගත් වෙන Tutorial එකක් අරන් තමයි මේ පැත්තට Set උනේ.. ;)
මේ ගැන පොඩ්ඩක් කිව්වොත් Chapters 10ක් තියෙනවා CCNA Simulator..etc තව හුගාක් දේවල් රාශියක් මේ තුල අන්තර් ගත වී ඇත. අපේ භාශාවෙන්ම කිව්වොත් පිස්සු කොර වෙනවා.. :D වැල් බයිලා ඇති..

Requirements

* Adobe Flash Player Install කරලා තියෙන්න ඕනේ.. 
* Java Install කරලා තියෙන්න ඕනේ..
* Internet Explorer භාවිතා කරනවානම් 9 Version එකවත් Update කරලා තියෙන්න ඕනේ, Chrome             
   උනත් අවුලක් නෑ හැබයි සමහර වෙලාවට මේ Module එකේ Buttons වැඩ කරන්නේ නෑ..
* හැබැයි Browsers වලින් Recommend කරන්නේ Firefox මේ වැඩේට වඩාත් හොදයි කියලා..

ඉහත කියපුවා ගොඩ නම් Setup හතරක් ඇත. ඒවා එකෙන් එක Install කරන්න. ඊට පස්සේ Start Menu\All Programs\Cisco Networking Academy කියලා ඇති. තව කියන්න දෙයක් නෑනෙ.. ;)
       
        Setup 01 - Click 50MB
        Setup 02 - Click 30MB
        Setup 03 - Click 30MB
        Setup 04 - Click 40MB

Download Links වල මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න.. :)
මේ Module එක දුන්න කසුන් අයියාට තැන්ක්ස් පාරක් දැම්ම එහෙනම්.. :)

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
අපි නැවත හමුවෙමු.. :)



෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

30 comments:

Tuesday, October 30, 2012

TCP/IP Layer

TCP/IP ගැන



TCP/IP කියන්නේ Transmission Control Protocol (TCP) and Internet Protocol (IP)වේ. මේ ගැන කියනවනම් OSI වලට කලින් භාවිතා කෙරුනු පරිගණකයක සිට තවත් පරිගණකයකයට Data යැවීම හා එම යැවු Data Userට Monitor එක මගින් Display වීම දක්වා ගමන් කරන ක්‍රියාවලිය TCP/IPවේ. මේ TCP/IP එක අරගෙන IEEE එකෙන් Application Layer එක කොටස් තුනකට (Application, Presentation & Session), Network Acess Layer 1ක කොටස් දෙකකට  (Data link & Physical) ලෙස වෙන් කර TCP/IP වෙනුවට OSI layers කියලා Standard එකක් හැදුවා. එ ගැන කලින් Post එකේ දක්වා ඇත.



මෙම ක්‍රමය තාමත් ඇමරිකාවෙ ආරක්ෂක අමාත‍යය අංශය විසින් භාවිතා කරනවාලූ. :O
පහත රූපසටහනින් පෙන්වන්නේ OSI Layer & TCP/IP අතර වෙනස පෙන්නුම් කරන රූප සටහනකි. මන් එකෙන් එකට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද OSI Layes වලදීත් කතා කලේ මේ ගැනමනේ.. ;)


OSI සහ TCP/IP අතර ඇති සමානකම් හා වෙනස්කම් ගැන කිව්වොත්....

* OSI වල Layers  7ක් ද TCP/IP වල Layers 4කි.
* මේ Layers දෙකේම කරන දේ අතින් බැලුවොත් සමානයි.
* මේ Layers දෙකේම වගේ යන්නේ Layered Architectureක් තමයි.
* OSI Layers වල Services Protocols ගැඹුරින් දැක්විය හැක. එහෙත් TCP/IP වල දි එසෙ කල නොහැක.


මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

3 comments:

Thursday, October 25, 2012

CCNA Ebooks

ඔන්න මම මේ සැරේ ගෙනාවා හැමොටම වැදගත් වෙන Ebooks කිහිපයක්.. ඔක්කොම වගේ CCNA Base කරපුවා තමා.. :)



Cisco Press CCNA Portable Command Guide




Cisco Press CCNA Study Guide




Cisco Press ICND1 Exam Certification Guide




Cisco Press ICND2 Exam Certification Guide 




 NoStarch Press Cisco Routers for the Desperate




 Sybex CCNA Fast Pass




 Sybex CCNA IOS Commands Survival Guide




 Sybex CCNA Study Guide




Netguide





ඔන්න Step By Step Guide එකක්.. ThanX For Suthayanan (Winsys CCNA Sir)



මා ගාව තිබ්බ වැදගත් කියලා හිතන Ebooks ටිකක් Upload කලා.. 
තව ටිකක් තියෙනවා ඒ ටිකත් Upload වුන ගමන් Post කරන්නම්.. :)
Download Links වල මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න.. :)

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
අපි නැවත හමුවෙමු.. :)



෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

16 comments:

Monday, October 15, 2012

OSI Layers

OSI ගැන


මොකක් ද මේ OSI කියන්නේ..?

             OSI- Open System Interconnection යම්කිසි පරිගණකයක සිට තවත් පරිගණකයකයට Data යැවීම හා එම යැවු Data Userට Monitor එක මගින් Display වීම දක්වා ගමන් කරන ක්‍රියාවලිය කොටස් කිහිපයකින් OSI  Layers කියා දක්වා තිබේ.. :) මෙය IEEE 1කේ Standard එකකි.

     

1. Physical Layer

                  පරිගණකයයට සම්භන්ද Cable සහ Connectors මෙම Layer 1කට අයත් වේ. Connectors තියෙන්න ඕනෙ කොහොමද Cabling කරන්න ඕන කොහොමද වගේ ඒවා Define වෙන්නේ Physical Layer එකෙන්ය.

2. Data Link Layer

                  මෙමඟින් NIC 1කේ Mac Address 1ක භාවිතා කරමින් Data යැවීම ක්‍රියාත්මක කරයි.
උදා : Ethernet, PPP

3. Network Layer

                  මේකෙන් තමයි දත්ත ගමන් කරන්න ඕන මාර්ගය තෝරා IP Address 1ක භාවිතයෙන් අවශ‍ය තැනට ආරම්භ කරයි.
උදා : IP, IPX


4. Transport Layer

                  මෙමඟින් data ගමන් කරන මාර්ගය නිසිපරිදි තිබේද යන්න සොයා බලා නිසි ආකාරව Data ගියා ද නැද්ද යන්න දැනුම් දෙයි.
උදා : TCP, UDP (End to End Delivery Confirmation)

5. Session Layer

                  Connection එක Maintain කරන එක තමයි. කොච්ච්ර වෙලා Communicate කලාද, කතා කරන්න ඕනෙ කොච්චර Speed එකකින් ද යන්න.
උදා : Connection Speed, Time Out

6. Presentation Layer

                  මෙම අවස්ථාවෙදි තමයි සියලුම Data Network එකේ ගමන් කරන්නේ Encrypt or  Encode ආකාරයටය. එම ගමන් කල data Decrypt or Decode කරනු ලබන්නේ මෙම Presentation layer එකේදීය.

7. Application Layer

                  මේ Layer එකේ තමයි ඔක්කොම Softwares Install කරලා තියෙන්නේ. Operating System එක පවා තියෙන්නේ මෙම Layer එකේ තමයි.
උදා : HTTP, DNS, SMTP

පරිඟණක දෙක අතර දත්ත හුවමාරු වෙන්නේ මේ ආකාරයටයි පහත රූප සටහන බලන්න.


පහත රූපසටහනේ සියල්ල සාරංශ ආකාරයට දක්වා ඇත.
සමහරු මාර ප්‍රශ්ණයකට මුහුණ දීලා ඇති කොහොමද මේක මතක තියා ගන්නේ කියලා. ඔන්න තියෙනවා විධි 4ක්. :) කැමති විධියකට මතක තියා ගන්න.


මේ Video 1ක බැලුවාම තේරෙයි. මේ Video 2ක් මන් දාලා තියෙනවා. එහෙනම් බලන්නකෝ.. විස්තර කරන්න බැරි වුන දේවල් පවා මෙම Videos වල ඇත. 





මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

13 comments:

Tuesday, September 25, 2012

VPN - Virtual Private Network

VPN ගැන..!



VPN කියන්නේ පුද්ගලික ආරක්ශිත Tunneling System 1කි. මෙවෙනි VPN එකක් තනන්නේ තමා ගෙදර සිට හෝ වෙනත් ස්ථානයක සිට තමාගේ රැකියා ස්ථානයට හෝ වෙනත් Network එකට Connect වීමටයි. මේ ක්‍රමයට Connect විය යුත්තේ අන්තර්ජාලය ඔස්සේය. මෙහිදී Client සහ Connect වෙන Network එක අතර Data සියල්ල Encrypted විදියට තමයි සියල්ල සිදු වන්නේ. Internet එකේ කවුරු හරි Packet Sniffer කරත් Data Decrypt කරන්න නම් ටිකක් අමාරුයි. පහත් රූපය බලන්න.
මේ නම් දැනගැනීම පිණිස
හුගාක් අය මේ ක්‍රමය Use කර්න්නේ අන්තර්ජාලයේ හැන්ගිලා වැඩ කිරීමටය(හැමෝම නෙවෙයි). Internet එක හරහා VPN එකට Connect වී ඉන්පසුව කරන සියලුම වැඩ කරන්නේ මේ හරහාය. එ මොකද කිව්වොත් එ තුලින් කාටහරි දෙයක් කලොත් කෙලින්ම අහුවෙන්නේ VPN 1ක තමයි.. හුගාක් වෙලාවට මේVPN Free දෙනවා bt මේ කරන සියල්ල Record  වෙනවා. හැබයි VPN Premium logins වලින් Log වෙන Data Record වෙන්නේ නෑ. එත් VPN සපයන ආයතන Incoming & Outgoing Logines තියාගෙන සිටින්න නීතියෙන් බැදී සිටිනවා.
  උදාහරණයක් විදියට කවුරු හරි VPN 1ක් මාර්ගයෙන් Site 1k Deface කලා කියමුකො. කෙලින්ම Track වෙන්නේ VPN 1කේ IP 1ක තමයි. මේ විදියට කලොත් අහුවෙන්නේ නෑ කියලත් හිතනවා. එත් VPN 1කට Connect වෙච්ච Sessions By Session බැලුවොත් මේ දේ කරපු කෙනාව පහසුවෙන් සොයා ගත හැක.

ජනප්‍රිය VPN සේවා ලබා දෙන Sites.

මේවායිනුත් Hotspot Shield ගැන නොදන්න කෙනෙක් නැති තරම්. විදේශ ගත්වී සිටින අය Hotspot Shield ගැන දන්නේ නැති තරම්ය.. ;) ඉහත සෑම Site එකකම free සේවාවන් ලබා දෙන අතර සමහර විට Free Login 1ක් Create කරගන්න ද වෙයි. බොහෝ විට ඔවුන්ගේ Software 1ක් Use කරන්න ද වෙයි. සමහර අය මේවා ආධාරයෙන් තමයි විවිද TV shows.. Bla bla..! බලන්නේ :P. eg : Hulu...etc

මේ Video 1ක බැලුවාම හොදටම තේරෙයි..




මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

10 comments:

Saturday, September 22, 2012

Wi-Fi Technology

Wi-Fi ගැන..!


Wi-fi ගැන කිව්වොත් ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්.. ;) මුලින්ම Wi-fi කියන්නෙ කෙටියෙන්නේ දිගු නම මෙන්න මේකයි Wireless Fidelity. wireless කියන්නේ රැහෙන් රහිත ක්‍රමයකි. මේකත් ඉතින් කියන්නත් දෙයක් ද.. :D මෙය Wifi Router 1ක් අදාරයෙන් දත්ත පහසුවෙන් හුවමාරු කල හැක. (Net Connect විය හැක)
මෙය අසන්නයෙන්ම යන උදාහරණය තමයි Bluetooth තාක්ශණය. මෙම තාක්ශණය දියුනු වෙමින් පවතින රටවලට ලාභ දායී අන්තර්ජාල ලබා දීමේ ක්‍රමයකි මෙම ක්‍රමය ලංකාව තුල Dialog 1කෙන් පටන් ගැන තිබේ. හැබැයි Free නම් නෙවෙයි. :O මෙය වෙනත් රටවල වෙන වෙනම Free Wifi Hotspot තනා ඇත.. හැබයි ඉතින් කස්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න ටිකාක් විතර Slow වෙනවා.. පහත රූපසටහන් බලන්න.


ඔන්න ඕක තමයි වෙන Basicම දේ.

Wifi Router

ඔය තියෙන්නේ Wifi Router 1ක්.. :) මේ සෑම Router 1කටම Log වෙලා Net යන්න පුලුවන් Users limt 1ක් තියෙනවා.. එක Router 1කෙන් Router 1කට Users ප්‍රමාණය අඩු වැඩි වෙනවා.. 

Wifi Adapters
       
           Wifi Search කරලා Connect වෙන්න තමයි මෙ  Adapter 1ක යොදා ගන්නේ..(අපි Bluetooth Data Transfer කරන්න තවත් Bluetooth තියෙන Device 1කට නේ.. අන්න ඒ වගේ )
මේකෙ නම් කොටස් කිහිපයක් තියෙනවා

Laptop Wi-Fi Adapters (Old One)




ඔන්න ඔය රූපයේ තියෙන්නේ Wifi Laptop වලට ආපු හැටි..

PCI Wi-Fi Adapters


මේ තියෙන්නේ Desktop Pcs වලට Wifi ආපු හැටි.. මේකත් ටිකක් විතර පරණයි

USB Wi-Fi Adapters


මේ තියෙන්නේ Desktop Pcs, Laptops වලට External USB විදියට Wifi ආපු හැටි.. 

Wi-Fi Booster



මේ USB Wi-Fi Adapters 1ක් කියන්නත් බෑ මේකනම් Booster 1ක් ෆට්ට වැඩ සෙට් 1ක් මේකෙන් දාන්න පුලුවන්.. :) මේ Device 1කෙන් Wifi Signal 1ක වැඩි කරන උපකරණයක්.

Wi-fi Encryption Method


WEP

       WEP යනු Wired Equivalent Privacy මෙම ක්‍රමය IEEE Standard (Institute of Electrical and Electronics Engineers) 1කෙන් හදපු Standard 1ක් නම් නෙවෙයි. සාමාන‍යයෙන් IEEE 1කෙන් Standard 1ක් එලියට දාන්න අවුරුදු 2ක් 3ක් විතර යනවා. මේWEP Standard 1ක නිර්මාණය කර ඇත්තේ Industrial Access Points හදපු අය විසින්ය. මෙම ක්‍රමය Weak ක්‍රමයකි. Password පහසුවෙන් විනාඩි කිහිපයකින් සොයා ගත හැක. එම නිසා මෙම ක්‍රමය භාවිතයෙන් ටිකක් අඩු වී ඇත.

WPA

       WPA යනු Wifi Protect Access මෙම ක්‍රමය IEEE Standard (Institute of Electrical and Electronics Engineers) 1කෙන් හදපු Standard 1කකි. පහල රූපය බලන්න.

WPA2/PSK

       WPA2/PSK යනු Wifi Protect Access 2/ Pre-Share Key මෙම ක්‍රමයත් IEEE Standard 1ක්ය. මෙම ක්‍රමය Password Crack කිරීමට අපහසු ක්‍රමයක්.. හැමෝම මේ ක්‍රමය තමයි භාවිතා කරන්නේ. මෙම ක්‍රමයෙන් සියලුම Data Advanced Encrypted විහියට තමයි ගමන් කරන්නේ. කලින් ක්‍රම වලදි නම් එම ගමන් කරන Packets කිහිපයක් අල්ලා ගත්තා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන් මෙම ක්‍රමයට කියන්නේ Packet sniffer කරනවා කියලා. පොඩි සාරංශයක් පහත රූපයේ ඇති..



Wi-Fi වල වාසි හා අවාසි


වාසි

  • Wifi Acess Point 1කට Wifi  උපාන්ග රාශියක් සම්භන්ද කල හැක. eg : Laptops, Mobile Phones, Ipad...etc
  • Wifi Signal තියෙනවනම් ඕන තැනක සිට Connect වීමේ හැකියාවක් තියෙනවා.
  • Network Cable ඇදීමත් 1ක බැලුවොතින් මෙම Wifi  ක්‍රමය ඉතා පහසු වන අතර Cost 1කත් හුගාක් අඩුය.

අවාසි

  • Wifi Acess Point 1කට මුර පද දමා නැති අවස්ථා වල පිටස්තර අයට Connect වී තොරතුරු සෙවිය හැකි වීම. සමහර මුර පද පහසුවෙන් Crack කරගත හැකි වීම.
  • Wifi Signal 1කෙන් Cover වන පරාසය අඩු වීම.
  • Wifi Signal Frquency range 1කේ වෙනත් Strong Signal 1ක් ඇති විට Wifi Access Point 1ක පිස්සු කෙලිනවා කිව්වොත් නිවැරදි.

Wi-Fi  වේගය හා සංනිවේදනය පහත දක්වා ඇත. :)

මේ රූපය බලා Normal Idea 1ක් ඔලුවට දා ගන්න. එත් ටිකක් අවුල් වගේනම් මෙතන කොටන්න... :)
මේ Video 1ක බැලුවාම හොදටම තේරෙයි..



Wi-Fi වල තව කොටස් රාශියක් තියෙනවා ඉදිරියේදි පියවරෙන් පියවර කියලා දෙන්නම්.. :)
මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

14 comments:

Saturday, September 15, 2012

The Scope Of Network

පරිගණක ජාල ගැන හදුනා ගනිමු.



ප්‍රධාන ආකාර කිහිපයකි.
  • PAN - Personal Area Network
  • LAN - Local Area Network
  • CAN - Campus Area Network
  • MAN - Metropolitan Area Network
  • WAN - Wide Area Network
  • WLAN - Wireless Area Network
  • SAN - Storage Area Network
  • DAN - Desk Area Network


PAN - Personal Area Network



            මෙම ක්‍රමය යම් කිසි Communication Device 2ක් අතර දත්ත හුවමාරු කිරීමට මෙය යොදා ගනි. Small Area Data හුවමාරු ක්‍රමය ලෙස හදුන්වයි.. දත්ත හුවමාරු කලහැකි උපරිම දුර 30Ftයි. මෙහි කොටස් 2කි. එනම් Wired and Wireless. මේ ගැන තේරෙන සිංහලෙන් කියනවනම් Wire ක්‍රමයේ දී USB,Firewall භාවිතා කරයි. Wireless ක්‍රමයේදී Bluetooth, Infrared භාවිතා කරයි.. 
                       

LAN - Local Area Network




            LAN ගැන කියනවානම් වැඩිපුර භාවිතා වෙන්නේ මේ  ක්‍රමයයි. එනම් කුඩා ප්‍රදේශයක ගොඩනැගිල්ලක තම නිවසේ සාදා ගත හැකි ක්‍රමයක් ලෙස හැදින්වේ. 
  • High Security
  • Low Traffic

CAN - Campus Area Network




            මේ ක්‍රමය වැඩිය අහලා නැති වෙන්නත් පුලුවන් CANක් කියන්නේ LAN රාශියක් එකතු කර සාදනු ලබන්නේ CANකි.
  • High Security
  • High Traffic

MAN - Metropolitan Area Network


            මෙම ක්‍රමය LAN රාශියක් වෙන වෙනම 1ක Main Place 1ක කට Connect වේ. මෙම ජාලය CAN 1කට වඩා දුර විහිදෙන ජාලයකි. උදාහරණයක් ලෙස බැංකු දැක්විය හැක. ශාඛා රාශියකින් යුත් ජාලයේ පාලනය Head Office විසින් කරනු ලබයි. 

WAN - Wide Area Network


             මෙම ක්‍රමය LAN රාශියක් භූගොලීය වශයෙන් වෙන්ව පවතින ස්ථාන අතර ජාල 2ක් හෝ ඊටවැඩි ගණනක් අකිනෙක සම්භන්ද කර තිබෙන ජාලය WAN 1ක් නම් වේ. පහත රූපසටහන බලන්න







WLAN - Wireless Area Network





             Wireless තාක්ශණය ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑනෙ.. :P රැහැන් රහිත වේගවත් දත්ත හුවමාරු ක්‍රමයක් මෙම ක්‍රමයටම තමයි Wi-Fi කියන්නෙත්. Wireless Technology 1ක ගැන විස්තරාත්මක පාඩමක් ඉදිරියෙදී දාන්නම්.

SAN - Storage Area Network




             SAN 1ක් කියන්නේ ඉතා ඉහළ වේගයක් ඇති Network 1ක තුල ඇති Servers වල ඇති Data එසැනින් පිටපතක් (Backup) ලෙස ගබඩා කරන කාර්යක්ශමතාවයෙන් ඉහල Device 1කකි. මෙහි Data විවිද ආකාර වලට ගබඩා කල හැක. එනම් RAID, TAPE Store and Optical Storage යන ප්‍රධාන ආකාර කිහිපයකි. මේ ගැන වැඩි විස්තර ඉදිරි පාඩමකින් වඩා හොදින් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙව්වානම් ෆට්ට ගණන්..


DAN - Desk Area Network




             DAN 1ක් කියන්නේ 1ක ප්‍රධාන පරිගණකයක් තබා උපකරණ රාශියක් සම්භන්ද කලහැකි ආකාරයට තැනීම නම් වේ. මෙහි සියල්ල 1ක වහලක් යට සංකල්පය වගේ.. ;)  මෙහි සවිකරන Device ගැන කිව්වොත් Digital Video Recorder, Audio, Tape Record කිරීම මෙමගින් පුලුවන්. මෙය වැඩිපුර භාවිතා කරන්නේ DVR-Digital Video Recorder 1ක් ආකාරයට තමයි. :)






මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

9 comments:

Thursday, September 6, 2012

Network Topologies


ඔන්න Network Topologies පටාන් ගත්තා...





NETWORK TOPOLOGIES ප්‍රදාන කොටස් 5කට බෙදා දැක්විය හැක.. 

       1.BUS TOPOLOGY

       2.RING TOPOLOGY

       3.STAR TOPOLOGY

       4.TREE TOPOLOGY

       5.MESH TOPOLOGY

1.BUS TOPOLOGY

 BUS TOPOLOGY ගැන කිව්වොත් යම්කිසි Terminators 2 දත්ත හුවමාරු කිරීමක් සිදුවේ. මෙය ප්‍රාථමික අවදියෙ ක්‍රමයකි.


වාසි
  • මෙහි ඇති 1කම වාසිය නම් Low Cost 1ක විතරයි.
අවාසි
  • මෙහෙදී ප්‍රධාන දත්ත සැපයුම් මාර්ගයට හානි සිදු වුවහොත් පරිගණක කිහිපයකට හො සියල්ලෙම දත්ත හුවමාරුව සඳහා බාධා ඇතිවේ.
  • Network 1කෙ පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න traffic 1ක වැඩිවෙනවා.
  • Security 1ක නම් හුගක් අඩුයි.

2.RING TOPOLOGY

[Image: trani.gif]
RING TOPOLOGY වලදී පරිගණක එකිනෙක සම්භන්ද කර ඇත්තේ මුද්දක් ආකාරයටය. Bus ක්‍රමයේ තිබු ගැටලුවට පිලියක් ලෙස මාර්ග 2ක් ඔස්සේ ගමන් කල හැකි ආකාරයට Ring 1ක් සේ නිර්මාණය කර ඇත.


වාසි
  • මේ  ක්‍රමයත් ඉතින් Low Cost තමා.. ;)
  • මෙහි එක පරිගනකයකට දත්ත ලබාගැනීම සහ යැවීම සඳහා මාර්ග දෙකක් තිබේ. මෙම නිසා Data ගමන් කරනා එක් මාර්ගයක් දෝශයක් ඇති වුවත් අනික් මාර්ගය ඔස්සේ data 
අවාසි

  • Network 1කෙ පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න traffic 1ක වැඩිවෙනවා.
  • Security 1ක නම් හුගක් අඩුයි.


3.STAR TOPOLOGY 


[Image: 1_21_StarTopology.jpg]


STAR TOPOLOGY  ගැන කිව්වාම මෙම ක්‍රමය යම්තක් දුරට සාර්තක ක්‍රමයකි. මෙහිදී සියලුම පරිගනක සම්භන්ද වෙන්නේ මධ්‍ය ඒකකය MAU-Media Access Unitකටය. මෙහිදී Bus, Ring වගේ දොශ දක්නට නොලැබේ.

වාසි
  • Bus, Ring වගේ නෙවෙයි ඒ එ Pc වලට වෙන වෙනම Network line යාම නිසා 1ක Cable 1ක issue 1කක් ආවා අනික් පරිගනක වලට බලපෑමක් ඇති වෙන්නෙ නෑ.
  • Bus, Ring එක්ක බලද්දි  traffic 1ත් යම්තාක් දුරට ශෙප්..අවුලක් නෑ. . ;)
  • Security 1ක නම් අනික් එව්වාට සාපේක්ශව හොදයි..
අවාසි 
  • MAU-Media Access Unit මොකක් හරි උනොත් බඩුම තමයි.. :D
  • MUA 1කට පරිගණක රාශියක් Connect කිරීම අපහසු වීම.

4.TREE TOPOLOGY




[Image: Tree_Topology.jpg]

TREE TOPOLOGY කියන්නේ STAR ක්‍රමයේම වැඩි දියුණු කරනු ලැබුවකි.. මෙයත් සාර්තක ක්‍රමයකි.. මෙය ගසක අතු ආකාරයක් ගනි...

වාසි
  • පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න Network 1ක පුලුල් කිරීමේ හැකියාවක් තියෙනවා Star ක්‍රමයේ වාසි  සියල්ල මෙයට අයත් වේ.. :)
  • Traffic 1ත් යම්තාක් දුරට ශෙප්..අවුලක් නෑ. . ;)
  • Security 1ක නම් අනික් එව්වාට සාපේක්ශව හොදයි..

අවාසි

  • කලින් කියපු අවාසිය නම් මෙකෙත් තියෙන්වා MAU මොකක් හරි උනොත් තමයි.

5.MESH TOPOLOGY


[Image: Mesh-Topology.jpg]



MESH TOPOLOGY ගැන කිව්වොත් ඉහත ජාල සියල්ල එකතුකර තැනු ජාලය MESH 1ක් කියලා අපිට කියන්න පුලුවන්. Connection 1ක Down වෙන්නෙ නැති ක්‍රමයකි කිව්වොත් වඩා නිවැරදි, මෙම ක්‍රමය වැඩිය භාවිතා නොකරයි..


වාසි
  • Connection 1ක Down වීමක් නොමැත.
  • Traffic 1කත් අවුලක් නෑ
  • Security 1ක නම් හොද මට්ටමක තියෙනවා


අවාසි

  • ලොකුම අවාසිය තමයි High Cost 1ක.


    මේ නම් අමතර දෙයක්


     HYBRID TOPOLOGY


    HYBRID TOPOLOGY වල ඉහත කියපු ක්‍රම සියල්ල දක්නට ලැබේ.

    වාසි
    • පරිගණක වැඩි වෙන්න වැඩි වෙන්න Network 1ක පුලුල් කිරීමේ හැකියාවක් තියෙනවා
    • Traffic 1ත් ශෙප්..අවුලක් නෑ. . ;)
    • Security 1කත් හොදයි..
    අවාසි
    • ලොකුම අවාසිය තමයි එක එක විදියට Connection හදන්න ගියාම Cost 1ක ටිකාක් විතර වැඩී.

    තව දුරටත් මේ Video 1ක බැලුවාම තේරෙයි. මේ Video 1කේ නම් හුගාක් විස්තර තියෙනවා. එහෙනම් බලන්නකෝ..




    මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
    වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
    අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

    ෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

    SHARE THIS POST

    • Facebook
    • Twitter
    • Myspace
    • Google Buzz
    • Reddit
    • Stumnleupon
    • Delicious
    • Digg
    • Technorati
    Author: ඇඩ්මින් අයියා
    කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

    2 comments:

    FB Comment